"හද බැඳි පොතක මන බැඳි චරිත... විමංසා"
"Early to bed, early to rise, makes a man healthy and wise if it don't make him wealthy."
"ඉක්මනින් නින්දට යාම, ඉක්මනින් නැගිටීම, මිනිසෙකු ධනවත් නොකරන්නේ නම්, එය නිරෝගී සහ ප්‍රඥාවන්ත කරයි."
ළමා සාහිත්‍යය ලෝකයේ සත්ත්ව චරිතයන්ට මානුෂීය ගුණාංගයන් මුසු කරමින්, සත්ත්ව ලොව ද මානව ලොව ද එකසේ ළමා සිත ඉදිරියට පමුණුවා දැක්වූ , ළමා මනසේ සියුම් සිතැඟියාවන් ප්‍රතිනිර්මාණය කළා වූ අසහාය ලේඛකයෙකි, ඩික් කින් ස්මිත් ශූරීන්. මොහුගේ සාහිත්‍යය ප්‍රවේශය හුදෙක් ළමුන් උදෙසා ලියැවුණු සරල කතා වින්‍යාසයකට එහා ගිය, ස්වාභාව ධර්මයේ යථාර්ථික බව හා මානුෂික හැඟීම් අතර මනරම් සංකලනයකි.
ඔහු ලේඛන කලාව තුළින් සත්ත්ව ලෝකය දෙස බැලුවේ හුදු නිරීක්ෂණකයකු ලෙසින් නොව, ඔවුන්ගේ අභ්‍යන්තර ආත්මයන් හැඳින ගත් ප්‍රතිභාසම්පන්න දාර්ශනිකයකු ලෙසිනි. කාරුණිකත්වය හා ආදරණීය හැඟුමින් පිරිපුන් සංවේදී ළමා පරපුරක් බිහි කරවනු වස් මෙතුමා විසින් සුවිශාල මෙහෙයක නියැලුණේ ය.
ඔහුගේ වඩාත් ප්‍රකට නිර්මාණයක් වන The Sheep-Pig හරහා ඔහු සමාජ සම්මතයන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළේය. Fly නම් බල්ලෙකු ද Babe නම් ඌරෙකු ද වටා ගෙතුණු මෙම කෘතිය ළමා කතන්දරයක් වුව ද එමගින් ඉතාමත් සුවිශේෂි වූ අගනා පණිවිඩ රැසක් පාඨක සිතට පමුණුවාලයි. කාරුණිකත්වය, උත්සාහයෙන් යුතු ව තම අරමුණු කරා ළංවීම යන වටිනා ගුණාංග රැසක් මෙමගින් ප්‍රකාශ වේ. පසුකාලීනව මෙම කෘතිය චිත්රපටයක් ලෙස ද රූගත වේ.
සිය සාහිත්‍යය දිවිය තුළ කුඩා ළමුන්ගේ චරිත දියුණුව සඳහා අපරිමාණ මෙහෙයක නියුතු වූ ඩික් කිං ස්මිත් අතින් සමාජයේ තවත් කැපී පෙනෙන මෙහෙයන් සම්භාරයක් ඉටු වී ඇත. ළමා සිත් ගත් කාරුණික ගුරුවරයෙකු ලෙස ද, තම දිවි නොතකා යුද්ධයේ ම්ලේච්ඡත්වය අත්විඳි යුධ භටයෙකු ලෙසත් ඔහු සුවිශාල සමාජ මෙහෙවරක යෙදෙන්නට විය.
Design by: Malithu Rumeth
Caption by: Anuthi Ayansa
© හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය පුස්තකාල පාඨක සංගමය